2019.02.13 වන දින SMART SCHOOL PROGRAMME සදහා අප පාසලෙන් ගුරුභවතුන් තිදෙනෙකු සහභාගි වූයේ එය තවත් එක් WORKSHOP එකක් ලෙස සිතාය.නමුදු අප නිවැරදි නොවුණි.එය සැබවින්ම දැනුම ලබා දුන්, තවදුරටත් දැනුම ලබා දෙන උල්පතක් බව අප සැමට පසක් වූයේ පළමු දේශනයෙන්මය.
දුෂ්කර ප්‍රදේශයක දුෂ්කර ජාතික පාසලක ඉගෙන ගන්නා අහිංසක දුවා දරුවන්ගේ දෑස් පෑදිමට SMART SCHOOL වැඩසටහන මනා පිටුවහලක් වන බව අප සියලු දෙනාටම අවබෝධ විය.නමුදු එය පහසු නොවන බව අප තිදෙනාම දනි.අන්තර්ජාල පහසුකම අවම,ආර්ථික මට්ටම අතින් ඉතා අඩු,සිංහල හා දමිළ සම්මිශ්රණයක ආභාසයක් ඇති,අඩු අධ්‍යාපනයකින් යුත් දෙමව්පියන්ගේ දරු කැළක් අප හමුවට පැමිණෙන හෙයින් දරුවන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ආකල්ප වෙනස් කිරිම ඉතා ම අපහසු කටයුත්තකි.එමෙන්ම සාම්ප්‍රදායික අදහස් ඇති අපගේ ගුරු මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරිම ද අපහසු කටයුත්තකි.
එවැනි ගැටලු රාශියක් අප හමුවේ තබා ගනිමින් අප එදින වැඩසටහන නිමා කලේ HEADSTART ආයතනයේ කාර්ය මණ්ඩලය අප පාසලත් සුහුරු පාසලක් කරා ගෙන යාමට අපට ලබා දුන් පන්නරයත් ධනාත්මක අකල්පයත්,ඔවුන්ගේ සුහද සිතත් සමගිනි.එමෙන්ම මධ්‍යම පළාතේ සියලුම පාසල් වලින් පාසල් 27 ක් පමණක් මෙම වැඩසටහන සදහා තෝරාගෙන ඇති බවත් ඒ අතර අප පාසලත් ඇතුලත් වුවා මෙන්ම අප තිදෙනා එහි නියමුවෝ නිසා ඇති වූ අභිමානයත් සමගිනි.
No comments:
Post a Comment